스리랑카, 인도인들의 이주가 급격히 늘어나 코로나19 확산 우려 증가

 스리랑카 Mannar 지방 정부는 최근 모한다스씨가 주재 한 특별 토론에서 보안 및 보건 관리들은 인도에서 코로나 감염의 증가와 기록적인 사망자 수로 인해 인도의 코로나 위험은 Mannar와 Thalaimannar에 쉽게 도달 할 수 있다고  말했다.

ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.   මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජනතාව, පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබ`දව සාකච්ඡුා කිරීම ස`දහා මන්නාරම දිසාපති එස්. මෝහනදාස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 13 දා පැවති විශේෂ සාකච්ඡුාවකදී ආරක්ෂක අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග රැුසක් සාකච්ඡුා කොට තිබේ.  ඉන්දියාව තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑමත්, මරණ සංඛ්‍යාව වාර්තාගත අන්දමට ඉහළ යෑමත් නිසා මන්නාරම තලෙයිමන්නාරම යන පළාත්වලට ඉන්දියාවේ කොරෝනා අවදානම ඉතා පහසුවෙන් ළ`ගා විය හැකි බව ආරක්ෂක අංශ විසින් පෙන්වා දී තිබේ.  නීති විරෝධී ජාවාරම්කරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු ආධාරයෙන් මන්නාරමට පැමිණීමත් ඉන්දීය ධීවරයින් මන්නාරම පළාතට පැමිණීම වැඩිවීමත් සමගම කොරෝනා වසංගතයේ අවදානම් සහගත තත්ත්වය වැඩි වී තිබේ.  මුහුදු මගින් පැමිණෙන පිරිස පාලනය කිරීමේදී නාවික හමුදාවට වැඩි කාර්ය භාරයක් සිදු කිරීමට හැකි අතර සෙසු ආරක්ෂක අංශ ඒ පිළිබ`දව දැඩි අවධානය යොමු කරවීමට මේ සාකච්ඡුාවේදී තීරණය වී තිබේ.  මේ වන විට මන්නාරමේ රජයේ පාසල් සියල්ලම විවෘත කොට තිබීම නිසා පාසල් සිසුහු විශාල ප‍්‍රමාණයක් මන්නාරම නගරයේ හැසිරෙති. ඔවුන්ට කොරෝනා වෛරස් රෝගය පිළිබ`දව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ලවා උපදෙස් දීමට ද තීරණය කොට ඇත.  වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පලාගොස් මන්නාරම දුම්රිය ස්ථානයේ රැු`දී සිටීමත් සමගම මන්නාරමේ කොරෝනා අවදානම පිළිබඳව කතා බහ වැඩි වී තිබේ.
උපුටා ගැනීම  : දිවයින පුවත් පත
 

*위 정보는 한국뉴스와 협약을 맺은 외국인센터 객원기자에 의해 정리되었습니다.

저작권자 © 한국뉴스 무단전재 및 재배포 금지